එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්රවාහන සේවාවන් ඊයේ (22) සිට ක්රියාත්මකයි.ලංකා ගමනා ගමන මණ්ඩලය උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා සඳහා විශේෂ බස් රථ 100කට ආසන්න ප්රමාණයක් යොදවා ඇති අතර විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් ද ආරම්භ කර තිබෙනවා.එළඹෙන දීර්ඝ සතිඅන්තය නිසා සිය ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් අද කොළඹ නගරයට පැමිණ තිබුණා.ඒ අනුව ඊයේ දිනයේ සිට උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්රවාහන පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් සහ බස් රථ සේවාවන් ආරම්භ කර තිබෙනවා.ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්සන්තුරය දක්වා සහ මහනුවර සිට බදුල්ල දක්වා මෙම විශේෂ දුම්රිය සේවාවන් අද සිට ක්රියාත්මකයි.
දුම්රිය කාලසටහන:
දෙසැම්බර් 22:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - රාත්රී 7:30 ට පිටත් වීම
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා - සවස 5:20 ට පිටත් වේ
දෙසැම්බර් 23:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - පෙරවරු 7:30 ට පිටත් වීම
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - රාත්රී 7:30 ට පිටත් වීම
මහනුවර සිට බදුල්ල දක්වා - රාත්රී 7:00 ට පිටත් වීම
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා - සවස 5:20 ට පිටත් වේ
දෙසැම්බර් 24:
බදුල්ල සිට කොළඹ කොටුව - පෙරවරු 7:45 ට පිටත් වීම
බදුල්ල සිට මහනුවර දක්වා - පෙරවරු 10:45 ට පිටත් වීම
දෙසැම්බර් 25:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - පෙරවරු 7:30 ට පිටත් වීම
මහනුවර සිට බදුල්ල දක්වා - උදෑසන 7:00 ට පිටත් වීම
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - රාත්රී 7:30 ට පිටත් වීම
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා - සවස 5:20 ට පිටත් වේ
දෙසැම්බර් 26:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - රාත්රී 7:30 ට පිටත් වීම
බදුල්ල සිට කොළඹ කොටුව - පෙරවරු 7:45 ට පිටත් වීම
බදුල්ල සිට මහනුවර දක්වා - පෙරවරු 10:45 ට පිටත් වීම
බදුල්ල සිට කොළඹට - සවස 5:20 ට පිටත් වේ
දෙසැම්බර් 27:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - පෙරවරු 7:30 ට පිටත් වීම
දෙසැම්බර් 28:
බදුල්ල සිට කොළඹ කොටුව - පෙරවරු 7:45 ට පිටත් වීම
දෙසැම්බර් 29:
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා - පෙරවරු 7:30 ට පිටත් වීම
දෙසැම්බර් 31: