කතුන් තිදෙනෙකු සමඟ දීග කාලා , හතරවෙනි වතාවේ මාට්ටු වෙලා..
Friday, 22 December 2023 - 15:14 | Views - 879
කාන්තාවන් තිදෙනකු රවටා විවාහ කරගෙන සිටිය දී තවත් තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු දී ඇයගේ පියාගේ කාර් රථය රැගෙන ගිය තිස් හතර හැවිරිදි පුද්ගලයකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් ඊයේ (22) නියෝග කර තිබෙනවා.

දඹගිරිගම, නාරම්මල ලිපිනයේ පදිංචි ඩී.එම්. කසුන් දිසානායක හා ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් යන නම්වලින් පෙනී සිට ඇති එම සැකකරු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා ටොයෝටා වර්ගයේ කාර් රථයක් මෙසේ රැගෙන ගොස් ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ.

කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක හෙදි තරුණියකගේ පියාගේ මෝටර් රථයක් සැකකරු මෙසේ රැගෙන ගොස් ඇතැයි වංචා විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාන්තාවන් තිදෙනෙකු රවටා ඔවුන් සමඟ විවාහ ජීවිත ගත කරන සැකකරුට එරෙහිව තවත් නඩු රැසක් අධිකරණයේ පවතින බවත් පෑලියගොඩ, වරාගොඩ වත්තල යන ප්‍රදේශවල කාන්තාවන් රවටා විවාහ කරගෙන ඇති බව ද වංචා විමර්ශන අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබූ බවත් ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථන සිම්පත් 31ක් සොයාගෙන ඇති බවත් වංචා විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top