ආදරණීය නෑයා.. නෑ නෑ වේයා ගැන මේ දේවල් දන්නවා ද ? (Photos)
Friday, 22 December 2023 - 11:42 | Views - 1,410
Isoptera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන වේයන් සත්ව ලෝකයේ කඩිසරම සත්ව විශේෂයක්.

• මොවුන්ට වසර 2ක් පමණ වූ තම සම්පූර්ණ ආයු කාලයම පැය 24ම නින්දක් නොමැතිව එක දිගට වැඩ කළ හැකියි.

ඒ නිසාම ඔවුන් නොනිදන ජීවියෙක් ලෙස හඳුන්වනවා.

• වේයන් ජනපදයක් තුළ කුළ ක්‍රමයක් අනුව ධුරාවලියක් සකස් වී ඇති අතර වේ රැජිණ එහි ප්‍රධානියා වේ.

රජු කම්කරුවන්, ආරක්ෂක වේයන්, ප්‍රජනන කටයුතු කරන්නන්, ආහාර සොයන්නන් යනාදී වශයෙන් කොටස් වලට වෙන් කර ඇත.

• වේයන් විශාල ආහාර ප්‍රමාණයක් ලබාගනී.

එක් වේ ජනපදයක් සාමාන්‍යයෙන් වසරකට ලී රාත්තල් 1000ක් පමණ අනුභව කරන අතර ලොව පුරා ඔවුන් විසින් සිදු කරන හානිය වසරකට ඩොලර් බිලියන 5ක පමණ අගයක් ගනී.

• සාමාන්‍යයෙන් වේ රැජිණක් විනාඩියට බිත්තර 15ත් 25ත් අතර පිටකරන අතර එය දිනකට 40000කට වැඩි අගයක් සහ වසරකට මිලියන 10කට වැඩි අගයක් ගනී.

• වේ රැජිණ යනු කෘමි ලෝකයේ දීර්ඝතම ආයු කාලය සහිත සත්වයා වන අතර ඇය අවුරුදු 30 සිට 50 දක්වා ආයු කාලයක් ගත කරයි.

• වේයා සිය ප්‍රමාණයට සාපේක්ෂව බිලියන ගුණයකින් විශාල නිවාස නිර්මාණය කරන අතර අප්‍රිකානු රටවල හමුවන ඇතැම් වේ තුඹස් අඩි 30කටත් වඩා උසට නිර්මාණය කර ඇත.

• පෘථිවියේ සිටින වේයන් ප්‍රමාණය කොතෙක්දැයි දළ අදහසක් ගත හැකි සරල උදාහරණයක් මෙසේයි..

ඔබ ලොව පුරාම සිටින වේයන්ගේ සමස්ත බර කිරා බැලුවොත් එය ටොන් මිලියන 445ක් පමණ වන අතර ඔබ ඒ ආකාරයෙන්ම සම්පූර්ණ මිනිස් ජනගහනයේ බර කිරා බැලුවොත් එය ටොන් මිලියන 350ක් වනු ඇත

(උපුටා ගැනීමකි)






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top