මෙහෙම දේවල් ඔයත් පාවිච්චි කරනවා ද..? එහෙනම් දැනගෙන ඉන්න වෙයි ?
Friday, 22 December 2023 - 11:13 | Views - 425
මෙහෙම දේවල් ඔයත් පාවිච්චි කරනවා ද..?

සම සුදු කරගන්න ලස්සන කරන්න කියලා හිතාගෙන හරි, නැත්තන් තියන පෙනුම වැඩිකරගන්න කියලා හිතාගෙන හරි නේ..

දන්නවාද..? මේවා නිසා හානි වෙන්නේ ඔයාගේම සමටයි.. ඒ නිසා මේ වගේ දේවල් භාවිතා කරන්න ඔයත් පෙළඹිලා නම් මේ ගැන කියවන්න..

කල් ඉකුත්වූ මුහුණු ආලේපන සහ සුවඳ විළවුන් රුපියල් 100ක මුදලකට අලෙවි කරන පිටකොටුවේ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය සමත් වුණා..

එහිදී පදික වෙළෙඳුන් අනාවරණ කළේ, කල් ඉකුත්වීම නිසා සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ලබා ගෙන පදික වෙළෙඳාම සඳහා යොමුකරවන බවයි..

පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදිවල පදික වේදීකාවේ කල් ඉකුත් වූ සුවඳ විළවුන් සහ ආලේපන අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් පොලිසියද සමගින් පිටත් වුණා...

මුහුණු ආලේපන වලට අමතරව කල් ඉකුත්වූ සුවඳ විළවුන් ද අලෙවි කරන අයුරු මෙහිදී දැක ගත හැකි වුණා...

සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ලබා ගෙන අනතුරුව ඒවා මෙලෙස විවිධ පුද්ගලයන් ලවා පදික වේදිකාවල අලෙවි කරන බවට මුලික විමර්ශනයේදී අනාවරණ වුණා..

ඒ අනුව අදාළ භාණ්ඩ සිය භාරයට ගත් වැටලීම් කළ නිලධාරින් පැවසුවේ මෙම පදික වෙළෙදුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top