මෙහෙම දේවල් ඔයත් පාවිච්චි කරනවා ද..? එහෙනම් දැනගෙන ඉන්න වෙයි ?
Friday, 22 December 2023 - 11:13 | Views - 426

මෙහෙම දේවල් ඔයත් පාවිච්චි කරනවා ද..?
සම සුදු කරගන්න ලස්සන කරන්න කියලා හිතාගෙන හරි, නැත්තන් තියන පෙනුම වැඩිකරගන්න කියලා හිතාගෙන හරි නේ..
දන්නවාද..? මේවා නිසා හානි වෙන්නේ ඔයාගේම සමටයි.. ඒ නිසා මේ වගේ දේවල් භාවිතා කරන්න ඔයත් පෙළඹිලා නම් මේ ගැන කියවන්න..
කල් ඉකුත්වූ මුහුණු ආලේපන සහ සුවඳ විළවුන් රුපියල් 100ක මුදලකට අලෙවි කරන පිටකොටුවේ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරියේ කොළඹ වැටලීම් ඒකකය සමත් වුණා..
එහිදී පදික වෙළෙඳුන් අනාවරණ කළේ, කල් ඉකුත්වීම නිසා සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්රදේශයේ පුද්ගලයකු විසින් ලබා ගෙන පදික වෙළෙඳාම සඳහා යොමුකරවන බවයි..
පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදිවල පදික වේදීකාවේ කල් ඉකුත් වූ සුවඳ විළවුන් සහ ආලේපන අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්රික් වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් පොලිසියද සමගින් පිටත් වුණා...
මුහුණු ආලේපන වලට අමතරව කල් ඉකුත්වූ සුවඳ විළවුන් ද අලෙවි කරන අයුරු මෙහිදී දැක ගත හැකි වුණා...
සමාගම්වලින් විනාශ කිරිමට යොමුකෙරෙන මෙම නිෂ්පාදන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ලබා ගෙන අනතුරුව ඒවා මෙලෙස විවිධ පුද්ගලයන් ලවා පදික වේදිකාවල අලෙවි කරන බවට මුලික විමර්ශනයේදී අනාවරණ වුණා..
ඒ අනුව අදාළ භාණ්ඩ සිය භාරයට ගත් වැටලීම් කළ නිලධාරින් පැවසුවේ මෙම පදික වෙළෙදුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි..
Share This Article