නව කොරෝනා ප්‍රභේදය මෙහෙටත් ඇවිත් ලු?
Friday, 22 December 2023 - 8:46 | Views - 642
ජේ එන් 1 ඔමික්‍රෝන් උප ප්‍රභේදයට අයත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුලු වී ඇති බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු පවසා සිටියේ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම මේ වනවිට ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ එහි ව්‍යාප්තිය පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් යළි මුහුණු ආවරණ පැළඳීමට යොමුවීම වඩාත් උචිත බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින අතර අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත් ලබාගැනීම වැදගත් බව මහාචාර්ය චන්දිම ජීවන්දරගේ මතය වී තිබෙනවා.

උණ රෝගය වැළදෙන අවස්ථාවේදීම එය ඩෙංගු රෝගය යැයි සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 65ක් ද මේ වන විටත් නම් කර තිබෙනවා.

නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා ඉඩම් ක්‍ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම හා ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැනටමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරි වසම්වල ක්‍රියාත්මක කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ නිරීක්ෂණයට ලක්කෙරුණා.

එහිදී මදුරු කීටයින් විනාශ කිරීමට ළගා විය නොහැකි ස්ථාන සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කීටයින් විනාශ කිරීමට යොදා ගන්නා දියර ඉසීමද සිදුකෙරුණා.

මේ අතර මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මදුරු මර්දන වැඩසටහන් පිළිබඳ සමාලෝචන රැස්වීමක්ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top