උපකාරක පන්තිවලට තහනමක් ?
Wednesday, 20 December 2023 - 11:23 | Views - 505
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන්.
ඒ අනුව, උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
Share This Article