නොවිසදුණු කතාවේ අබිරහස් හොයන්න, මාෂි එක්ක තවදුරටත් මෙහෙයුම්..
Wednesday, 20 December 2023 - 11:10 | Views - 1,119
කහවත්ත ඝාතන රැල්ලේ මතක අවදි කරමින් ඉකුත් 13 වැනිදා 71 හැවිරිදි තිදරු මවක් අමානුෂීය ලෙස ඝාතනයට ලක්වුණා...

ඒ  සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ සිදු කරමින් පවතින අතර මේ ඒ ගැන ඇහෙන අලුත්ම කතාවයි... 

වැල්ලඳුර, වෙලේවත්ත සිය නිවස තුළදීම මෙලෙස ඇය ගෙල කපා අමානුෂික අයුරින් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් තියුණු ආයුධය සහ ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව කහවත්ත පොලිසියේ උසස් නිලධාරියෙක් ඊයේ පැවසුවා..

පසුගිය 13 වැනිදා සිදුවූ මෙම ඝාතනයෙන් පසු ඝාතනයට යොදාගත් ආයුධය හා ඝාතකයාගේ ලේ තැවරුණු ඇඳුම් සොයා පොලිසිය රත්නපුර නිල පොලිස් සුනඛ ‘මාෂි’ ගේ සහාය ලබාගෙන කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා පැවසුවා..

දැනට මෙම තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 38 හැවිරිදි උපාධිධාරි බාල දියණිය ලබන 22 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණේ විනීතා ජයසුන්දර නමැති රත්නපුර දිස්ත්‍රික් සණස සහකාර ලේකම්වරියක මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්..

මෙම ඝාතනය තමා විසින් කළ බවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකාරිය මෙතෙක් පිළිගෙන නොමැති බව පොලිසිය කියනවා..

ප්‍රශ්න කිරීමේදී මෙන්ම තොරතුරු ලබා ගැනීමේ දී ද ඇය බොහෝ විට නිරුත්තරව සිටින බව පොලිසිය පවසනවා.. කෙසේ වෙතත්, ඇය හා ඝාතනයට ලක්වූ මව අතර නිතර රණ්ඩු සරුවල් වන ශබ්ද ඇසීම ගැන ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා...

මෙම ඝාතනයට දියණිය සමග තවත් අයකු සම්බන්ධ වූවා දැයි සොයා බලන බවද පොලිසිය පැවසුවා...

මේ වනවිට මියගිය මවගේ දරුවන් ඥාතීන් ප්‍රදේශවාසීන් ඇතුළු 50 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර,
කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top