බිරිඳ එපා කියපු ඔහුගේ සිරුර අනියම් බිරිඳ භාරගෙන, යුතුකම ඉටුකිරීම ගැන අගය කිරීමකුත් ලැබිලා...
Tuesday, 19 December 2023 - 10:44 | Views - 1,071
අනියම් පෙම් සබඳතා ගැන එක එක විදිහේ කතා අහන්න දකින්න ලැබෙනවා නේ..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ අහන්න දකින්න ලැබුණ තවත් එක කතාවක්...

වයස අවුරුදු 78ක් වන පී.ජී. ඩිංගිරි බණ්ඩාර නමැති අයගේ මරණ පරීක්ෂණය මියගොස් දින 8 කට පසුව සිදු කර ඇත්තේ ඇයි දැයි කියා බොහෝ දෙනෙක් කල්පනා කරනවා ඇති...

එහිදී අනාවරණය වූයේ මොහු නිත්‍යානුකූල විවාහයෙන් පසුව දුවරුන් දෙදෙනාගෙන් හා බිරිඳගෙන් වෙන් වී බළන්ගොඩ ඇල්ලේපොල ප්‍රදේශයේ වසර 30ක් ජීවත්ව ඇති බවයි..

මොහුගේ මරණය පිළිබඳ පොලිසිය මඟින් විවාහක බිරිඳ දැනුවත් කළද මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා..

ඉන්පසුව රෝගියා රෝහලට ඇතුළත් කළ අනියම් බිරිඳ හා ඇගේ පළමු විවාහයේ දරුවන් සමඟ මළ සිරුර භාරගෙන ආගමික වතාවත් සිදුකර බළන්ගොඩ නාගරික සූසාන භූමියේ දී භූමදාන කර තිබෙනවා.

සිද්ධිය සඳහන් වන්නේ මෙසේ යි...

මෙම පුද්ගලයා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු වන ආතර්, මිය යෑමෙන් පසුව මළ සිරුර ඥාතීන්ට භාර දීමට බිරිඳගේ හැඳුනුම්පත හෝ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන්, පරීක්ෂණ නිලධාරින්ට සැක මතු වූ හෙයින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ට මහත් වෙහෙසක් ගැනීමට සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මරණය හෘදය වස්තුව අකර්මන්‍ය වීමෙන් සිදු වූ බවට බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක තීරණය කළ අතර අනියම් බිරිඳ වූ ඩී.ජි. නන්දාවතී නමැති කාන්තාව යුතුකම ඉටුකිරීම අගය කළ යුතු බව ද පවසා තිබුණා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top