මාෂි ඔරලෝසුවේ ඉව අල්ලා ගමන් කළේ..., දියණිය විසින්ම ඔසවාගෙන ගොස් නිවස පිටුපස දමන්නට ඇති...නොවිසදුණු කතාවේ තවත් අබිරහසක් එළියට..
Tuesday, 19 December 2023 - 10:06 | Views - 4,132
මේ කියන්න යන්නේ අපි කවුරුත් අහන්න දකින්න කැමති සිද්ධියක් නම් නෙවෙයි..

නමුත් කහවත්ත ප්‍රදේශයේ එහෙම දෙයක් සිද්ධවෙලා... 

මෙන්න බලන්නකෝ ඒ කතාව.. කවුරු කොහොම මොනවා කිව්වත් අම්මා කෙනෙක්ට මෙහෙම කරන්න දුවෙක්ට පුළුවන්ද..? තවමත් මෙය හැමෝටම ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරපු   කතාවක්...

මියගිය කාන්තාව සිය දියණිය සමඟ නිවසේ පදිංචි ව සිට ඇති අතර, දියණිය පවසන්නේ, ඇය නිවසින් බැහැර ව ගිය අවස්ථාවක ඝාතනය සිදු ව ඇති බවයි.. 

කෙසේ වෙතත්, කහවත්ත පොලීසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසින්.. අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාල කාන්තාව මියගොස් සිටි බව ට ද පොලීසිය වෙත සාක්ෂි ලැබි තිබෙනවා...

සිය මව නිවෙස තුළ මරා දමා මළ සිරුර දියණිය විසින්ම ඔසවාගෙන ගොස් නිවෙස පිටුපස දමන්නට ඇතැයි කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ පදිංචි 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම සැක පළ කර තිබුණා..

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර බිම දිගේ ඇඳගෙන පැමිණි බවට අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් විසින් සිදු කරන ලද පරීක්ෂාවන් හීදී හෝ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෝ තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.. ඊට හේතුව එසේ ඇදගෙන ගිය බවට සළකුණක් මළ සිරුරේ නොතිබීම නිසාය. බිම දිගේ ඇඳගෙන යාමක් සිදු වුයේ නම් මළ සිරුරේ සීරීම් හෝ ඇඳ සිටි ඇඳුමේ සළකුණු තිබිය යුතුයි.. නමුත් එවැන්නක් නොමැති නිසා ඇය මරා ඔසවාගෙන ගොස් නිවෙස පිටුපස දමන්නට ඇති බව පොලීසිය සැක කරනවා..

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ පදිංචි විනීතා ජයසුන්දර (71) නමැති මේ මව මරා දමා තිබුණේ කපා කොටායි... පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පවා සටහන් වී ඇත්තේ කැපුම් තුවාල හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි... එහෙත් ඇගේ ඝාතනයට යොදා ගත් ආයුධය ඊයේ වන තුරුත් හමුවී නොතිබුණ අතර කහවත්ත පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙන බවයි..

විනීතා ජයසුන්දර මහත්මිය ඝාතනය වන්නේ පසුගිය 13 වැනිදායි.. අවසන් කටයුතු සිදු කරන්නේ 15 වැනිදායි... පොලිසිය විසින් මේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ බාල දියණිය අත්අඩංගුවට ගනු ලබන්නේ අවසන් කටයුතු කළ දින රාත්‍රී කාලයේදී වන අතර, ඝාතනය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ පරිවේෂණීය සාක්ෂි පදනම්ව බව පොලිස් තොරතුරු අනාවරණය කර තිබුණා.. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය කීපයක් පොලිසිය ඇගෙන් ප්‍රශ්න කළ ද තමා සිය මව ඝාතනය කළ බවට වචනයක්වත් පවසා නැතත්, ඇය ඒ ගැන නිහඬව සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබුණා..

අත්අඩංගුවට ගත් ඇගේ බාල දියණිය 38 හැවිරිදි වියේ පසුවන්නියකි.. ඇය අවිවාහක තැනැත්තියකි.. පවුලේ වැඩිමලා ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් ලෙස සේවය කර මේ වන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සේවයේ නිරතව සිටින නිලධාරියෙකි.. පවුලේ දෙවැනියා වෛද්‍යවරියකි.. ඝාතනය වූ මවගේ සහෝදරයා ද හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි..

පොලිසිය පවසන්නේ ඇගේ මරණය ගැන පොලිසියට මුලින්ම තොරතුරු ලබාදුන්නේ ඇගේ බාල දියණිය වන සැකකාරිය බවයි.. එම තොරතුරට අනුව පොලිසිය නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මවගේ සිරුර තිබී හමුවී ඇත්තේ නිවස පිටුපසිනි... ඇගේ මරණය කපා කොටා කළ ඝාතනයක් බව බැලූ බැල්මට හඳුනාගත් පොලිසිය ඒ සම්බන්ධයෙන් පැල්මඬුල්ල මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කරන්න මුලින් පියවර ගෙන තිබුණා..

අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ අපරාධය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. මවගේ සිරුර තිබුණු ස්ථානයේ තිබී කාන්තා අත්ඔරලෝසුවක් හමුවන්නේ එහිදීය.. එම ඔරලෝසුවට ඉව අල්ලන්න දෙන්නේ රත්නපුර පොලිසියට අනුයුක්තව සේවයට යොදවා සිටි “මාෂි” නමැති පොලිස් සුනඛයාටය..

මාෂි ඔරලෝසුවේ ඉව අල්ලා ගමන් කළේ නිවස තුළටය.. අවස්ථා දෙකකදීම “මාෂි” නිවස තුළට ගොස් එහි යම් ස්ථානයක නතරවීම හේතුවෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එතැන පරීක්ෂා කළේය.. සෝදා දැමූ ලේ පැල්ලම් කීපයක් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වන්නේ එහිදීය.. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී පෙනී යන්නේ කාමරයේ ස්ථානයක වැටී තිබුණු ලේ පැල්ලමක් සෝදා ඇති බවය..

ඒත් එක්කම කහවත්ත පොලිසියේ නිලධාරීන් පරීක්ෂා කර ඇත්තේ සොයාගත් අත්ඔරලෝසුවේ හිමිකරු කවුරුන් දැයි කියාය.. එය බාල දියණියට අයත් එකක් බව අනාවරණය වී ඇත්තේ එහිදීය.. මවගේ ඝාතනයට බාල දියණිය ගැන යම් සැකයක් මතු වන්නේ ඒත් සමඟය..

එම සැකය වඩාත් තීව්‍ර වන්නේ මවත් දියණියත් අතර නිතර අඬදබර සිදුවන බව අසල්වැසියන්ගෙන් තොරතුරු ලැබෙන්න වූ බැවිනි.. එතැන් සිට පොලිසිය බාල දියණියගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නට වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මළ ගෙදර ස්ථානගත කරමිනි..

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි..

මෙම ඝාතනය ට අදාල ව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි..
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top