හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළට
Tuesday, 19 December 2023 - 7:54 | Views - 349
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 150ක්.
එමෙන්ම ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
Share This Article