සාගර ට පුන්නක්කු බාල්දියක් පොදි බැඳන් , පිරිසක් නෑගම් ඇවිත්... (Video)
Monday, 18 December 2023 - 13:20 | Views - 410
අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද(18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ පක්ෂ ලේකම් සාගර කාරියවසම් හට විරෝධය පළ කර තිබෙනවා.
ඒ පසුගිය 15වැනිදා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී සාගර කාරියවසම් විසින් සිදුකළ ප්‍රකාශයකට එරෙහිවයි.
කෙසේ වෙතත්, ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ඉදිරිපිටදී විරෝධය පළ කළා.
එහිදී, පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය ප්‍රකාශ කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.
Share This Article