උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ මිලදී ගන්න යන ඔබට විශේෂ දුරකථන අංකයක්..
Monday, 18 December 2023 - 9:58 | Views - 283

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති පසුබිමක අදින් ඇරඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳපොළට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවට වාර්තා වනවා..
එළවලු, පළතුරු, බිත්තර, කුකුල් මස් ඇතුලු තවත් එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ රැසක මිල ගණන් මේ වන විට පවතින්නේ ඉහළ අගයකයි..
මේ වන විට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 65 ඉක්මවා තිබෙනවා..
මීට මාස කිහිපයකට පෙර බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකටයි..
බිත්තර ව්‍යාපාරිකයින් චෝදනා කළේ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් උත්සව සමය ඉලක්ක කර ගනිමින් බිත්තරයක මිල කෘතීම ලෙස ඉහළ දමා ඇති බවයි..
එවන් පසුබිමක බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, බිත්තර මිලියන 15 ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි..
බිත්තර මිල මෙන්ම වෙළඳපොළේ කුකුළු මස් මිලද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා..
අද වන විට කුකුල් මස් ක්රිලෝගෑමයක මිල රුපියල් 1400 ඉක්මවා ඇති අතර සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර චෝදනා කළේ උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙළඳපොලේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි..
එමෙන්ම වෙළඳපොළේ එළවලු මිල ගණන්ද තවමත් ඉහළ අගයක පවතිනවා..
මේ අතර වැට් බදු මුවාවෙන් අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා..
පාරිභෝගිකයන් චෝදනා කරන්නේ මේ වනවිටත් වැට් බදු පනවා ඇති බව හඟවමින් ඇතැම් වෙළඳුන් භාණ්ඩ මිල ඉහළ නංවා ඇති බවයි...
පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙලෙස අසාධාරණ ලෙස භාණ්ඩ මිල දැනටමත් ඉහළ නංවා ඇති වෙළඳුන් සම්බන්ධයෙන් පැමිණිලි සිය අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති බවයි...
ඒ සඳහා 1977 ක්ෂණික දුරකථන අංකය භාවිත කළ හැකි බවයි ඔහු කියා සිටියේ..
එමෙන්ම උත්සව සමය ඉලක්ක කරගනිමින් මේ වනවිටත් පාරිභෝගික අධිකාරිය දීපව්‍යාප්තව වැටලීම් ආරම්භ කර ඇති අතර, එය ජනවාරි 15 දක්වා ක්‍රියාත්මක වනවා..
කෙසේ වෙතත්, භාණ්ඩ මිල ඉහළයාම හමුවේ අපහසුතාවයට පත්ව සිටින්නේ පාරිභෝගික ජනතාවයි..
Share This Article