මරණයෙන් විනාඩි 24කට පසු නැවතත් ලැබුණු ජීවිතය..
Monday, 18 December 2023 - 7:34 | Views - 711
මියගොස් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ කාන්තාවක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගියදා වාර්තා වුණා.

හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් ලෝරන් කැනාඩේ නම් මෙම කාන්තාව සායනිකව මියගොස් ඇත.

විනාඩි 30 කට ආසන්න කාලයක් හදවත ස්පන්දනය වීම නතර වීම හේතුවෙන් සිහිසුන්ව සිටි තමන් හදිසි ප්‍රතිකාර ලබාදෙන නිලධාරීන්ගේ බලවත් උත්සාහයෙන් විනාඩි 24 කට පසු නැවතත් ජීවිතය ලැබූ බව ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.

නමුත් තමන්ට එම සතියේ සිදුවූ කිසිම දෙයක් පිළිබඳ මතකයක් සිහිය ලැබෙන විට නොතිබූ බවද ලෝරන් ප්‍රකාශ කළාය.

පසුගිය පෙබරවාරි මාසයේදී නිවසේ සිටියේදී හදිසි හෘදයාබාධයක් ඇති වූ බවත් එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ සැමියා හදවත නතර වූ විට ලබා දෙන ප්‍රථමාධාර තමාට ලබා දීම ආරම්භ කළ බවත් වහාම ඔහු හදිසි ප්‍රතිකාර සේවයට ඇමතුමක් ලබා දී ඇති බවත් ලෝරන් පැවැසුවාය.

තම හදවත නැවත පණ ගැන්වීමට හදිසි ප්‍රතිකාර ලබා දෙන නිලධාරීන්ට විනාඩි 24 ක කාලයක් ගත වූ බවත් නැවත ජීවිතය ලැබීමෙන් පසු දින නවයක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් ලෝරන් ප්‍රකාශ කළාය.

නැවත ජීවිතය ලැබෙන විට මොළයට කිසිඳු හානියක් සිදු වී නොතිබූ බවත් ජීවිතය ලැබීමෙන් පසු විනාඩි 30 කාලයක් අපස්මාරය වැළදී තමන් පීඩා විඳි බවත් ලෝරන් සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවාය.

හෘදයාබාධය ඇතිවන විට තමන්ට කොවිඩ් රෝගය වැළඳී තිබූ බවත් ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් හෘදයාබාධය ඇති වී ඇති බව හදිසි ප්‍රතිකාර නිලධාරීන් තමාට දැනුම්දුන් බවත් ලෝරන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

තමන් මරණාසන්න අත්දැකීමක් අත් නොවිඳි බවත් තමන් විනාඩි 24 කාලයක් මියගොස් සිටි බවත් ලෝරන් පෙන්වා දුන්නාය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top