'' ගේ පැත්තෙන් සවස 3.45ට විතර කෑගහන සද්දයක් ඇහුණා " කහවත්ත ඝාතනයේ තවත් කතාවක් එළියට..
Monday, 18 December 2023 - 7:15 | Views - 956
"විනීතා නැන්දලාගේ ගේ පැත්තෙන් සවස 3.45ට විතර කෑගහන සද්දයක් ඇහුණා"

දර කඩමින් සිටි මමත් දීපා අක්කාත් දුවගෙන ඇවිත් කතා කරගෙනම විනීතා නැන්දලාගේ ගේ පැත්තට ගියා. එවිට මේනකා නංගී කෑගසමින් අක්කේ අම්මට මොනවද වෙලා බලන්න” යැයි කියූ බව කහවත්ත, වැල්ලඳුර විනීතා ජයසුන්දර මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂි දෙමින් අසල්වැසි කාන්තාවක පැවසීය.

කහවත්ත, වැල්ලඳුර ශ්‍රී විජයරාජ පිරිවෙන් විහාරස්ථානය අසලින් විහිදෙන වෙලේවත්ත පටුමඟ ඔස්සේ මීටර් පන්සීයක් හයසීයක් ගිය විට හමුවෙන තරමක් හුදෙකලා ස්ථානයක පිහිටි නි‍ෙවසේ පදිංචිව සිටි ජේ.එම්. විනීතා ජයසුන්දර මහත්මියගේ ඝාතනය සිදු වූයේ පසුගිය 13 වනදාය.

ඒ ඝාතනය වැල්ලඳුරම ගන අඳුරකට ඇද දැමුවා සේය. කිසිවකුට කරදරයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වූ ඇයගේ මරණය ගැන ගම්වාසීන් දුක් කඳුළු සැලුවේ වේදනාබරවය. පොලිස් පරීක්ෂණ අනුව ගම්වාසී කාන්තාවක් ඇය අවසන් වරට දැක ඇත්තේ එදින පස්වරු එකට පමණය.

විනීතා මහත්මිය රෙදි වියළෙන්නට තබා ඒවා ඉවත් කරන ආකාරය ඇය දැක තිබේ. පෙරවරු දහයට පමණ රෙදි එල්ලන ආකාරය ද එම කාන්තාව විසින්ම දැක තිබිණි. ඉන් පසු ඇයගේ බාල දියණිය එනම්, මේ වන විට මෙම ඝාතනය ගැන සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විනීතා මහත්මියගේ බාල දියණිය මේනකා නිවෙසට එන තෙක් සිදු වූයේ කුමක්දැයි අසල්වාසීන් දන්නේ නැත.

ඝාතනය සම්බන්ධයෙන් අසල්වාසීන් කිහිප දෙනකුගේ ප්‍රකාශද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය ලබා ගෙන තිබිණි. ඝාතනයට ලක් වූ විනීතා මහත්මියගේ නිවෙස දෙසින් පස්වරු තුනයි හතළිස් පහට, හතරට පමණ කෑගැසීමේ හඬක් ඇසුණු බව අසල්වැසියකු වන කුමුදු නම් කාන්තාව පොලිසියට ප්‍රකාශයක් කර තිබිණි.

“විනීතා නැන්දලාගේ ගෙදර පැත්තෙන් කෑගහනවා ඇසුණා. මම දර කඩමින් හිටියේ. තවත් අසල්වැසියකු වන දීපා අක්කාත් දුවගෙන ආවා. ඇයත් මමත් කතා කරගෙන විනීතා නැන්දලාගේ ගෙදර පැත්තට ගියා. ඒ ගෙදර බල්ලා ලිහා දමා තිබුණේ. මේනකා නංගී (මියගිය කතගේ බාල දියණිය වන සැකකාරිය) කෑගසමින් කිව්වා ‘අක්කේ අම්මාට මොනාද වෙලා… බලන්න‘ කියලා. දීපා අක්කාත් මමත් තවත් අසල්වාසී පිරිමි කෙනෙකුත් එතැනට ආවා. විනීතා නැන්දා ලේ පෙරෙන තුවාල ඇතිව වැටී සිටින ආකාරය දැක්කා. මේනකා නංගී දුරකතනයෙන් මේ ගැන නිලධාරීන්ට කිවුවා. අපි දැක්කේ ඒ දේවල් විතරයි.” යැයි ඇය පවසා තිබිණි.

සෙසු අසල්වාසීන් කිහිප දෙනාද පොලිස් විමර්ශනවලදී ලබා දී තිබුණේ එම කාන්තාවගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශයන්ය.

විනීතා ජයසුන්දර තිදරු මව නිවෙස තුළදී ඝාතනය කර ඇයගේ සිරුර නිවෙස පිටුපසට ගෙනවිත් දමා තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය විය. නිවසේ ඇතුළත කොටසක් සෝදා තිබූ බව ද පොලිසිය පවසයි. මියගිය විනීතා ජයසුන්දර මහත්මිය සණස සමිති ව්‍යාපාරයේ නිලයක් දැරූ අතර, වැල්ලදුර ප්‍රදේශයේ සමිති සංගම් රැසක නිලතල දැරුවාය. ඇය ඇන්තූරියම් වගාව ද සිදු කළාය.

71 හැවිරිදි විනීතා මහත්මියගේ ඝාතනය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ඇයගේ අවිවාහක දියණිය ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඬුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා පෙරේදා (16) පස්වරුවේ නියම කළේය.

විනීතා මහත්මිය සමඟ නිවසේ සිටි ඇයගේ බාල දියණිය මේනකා එදිරිසිංහ කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් නිසා ඇය මරණයට පත්ව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් ලෙස සේවය කරන සැකකාරියගේ ප්‍රකාශ සම්බන්ධව සැක සිතූ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කර 15 දා එනම්, විනීතා මහත්මියගේ අවසන් කටයුතු සිදු වූ දින රාත්‍රී ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට රැගෙන ගොස් ඉන් පසු එදින අලුයම ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවට මෙදින (13) වනදා සේවයට වාර්තා කර ඇත්තේ පෙරවරු 11ට පමණ බවත් ඇය පස්වරු 3.30 වන විට යළි නි‍ෙවසට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ. ආරක්ෂිත කැමරා දර්ශන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කිරීමේ දත්ත සටහන් මඟින් පොලිසිය එම විමර්ශන කළේය.

එදින ඇය යතුරුපැදියෙන් ගමන් කළ වේලාවන්ද ආරක්ෂිත කැමරා දර්ශන මඟින් පොලිසිය නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි. සැකකාර තරුණිය වැල්ලදුර නගරයේ සිට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත උදෑසන 11ට පමණ සේවයට යද්දී විනාඩි හයක කාලයකින් ගොස් ඇතැයි ද එහෙත් පස්වරුවේ පැමිණෙද්දී ව්නාඩි 16ක් ගතවී ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සිදු වූ නි‍ෙවසේ කොටසක් සෝදා දැමීම, ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී හමු වූ කාන්තා ඔරලෝසුව සහ එහි තිබූ රුධිර පැල්ලම ද විමර්ශනවල දී අවධානයට ලක් කර තිබේ. රත්නපුර නිල පොලිස් සුනඛ කොට්ඨාසයේ මාෂිට එම ඔරලෝසුව ඉව කිරීමට සැලස්වූ විට ඌ නිවස තුළම හා නිවසේ සාලය සහ කාමර තුළ සැරිසරා තිබීමද සැකයට හේතුව බව පොලිසිය පවසයි.

මවගේ ඝාතනය සිදු කළ බවට සැකකාර දියණිය පොලිසියට කිසිදු ප්‍රකාශයක් ලබා දී නැත. ඇයගෙන් පැය පහකට වඩා පොලිසිය ප්‍රශ්න කර තිබේ. එහෙත් මෙම මරණය ගැන කිසිවක් නොදන්නා බව ඇය පවසා තිබේ. මේ වන විට පැවැති සැක සහිත කරුණු නිසා මෙම තරුණිය අත්අඩංගුවට ගත් බව ද කහවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවැසීය.

ඝාතනයට ලක් වූ විනීතා මහත්මියට නිවස තුළදී තියුණු ආයුධයකින් කැපුම් තුවාල සිදු වීමෙන් පසු ඇය නිවෙසින් පිටතට රැගෙන ගියේ කෙසේද? සිරුර ඇදගෙන නොගිය බව පෙනෙන්නට ඇති නිසා එම සිරුර ඔසවාගෙන ගියේ නම් එය කවුරුන් කෙසේ කළා ද? ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය ද පොලිසියට මෙතෙක් හමු වී නැත.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ හෝ නිවසේ කිසිදු සොරකමක් ද සිදු වී නැති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. මෙම ඝාතනය ගැන විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් තවත් ඉතිරිව තිබේ.

රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් අනුව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
කහවත්ත, නිරෝෂණ පෙරේරා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top