ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යළිත් , හිටපු ජනපති මහින්දට..
Friday, 15 December 2023 - 16:35 | Views - 797
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් වුණා.
ඒ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයේ දී, හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ යෝජනාවකට අනුවයි. එසේම, එම යෝජනාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ස්ථිර කරනු ලැබුවා.
ඉන් අනතුරුව එම යෝජනාවට මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණේ සභාවේ සිටි පක්ෂ සමාජීකයන්ගේ ඒකඟතාව මතයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගුහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වෙනවා.
Share This Article