මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..
රටක නීතිය රකින්නව වගේම මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පොලීසියෙන් ඉටු කරන මෙහෙය හරිම ඉහළයි..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ඔබට පවතින ගැටලු පිළිබඳව විවෘතව කතා කරන ලැබෙන අවස්තාවක් ගැන කතාවක් කිව්වොත් හරි..
පොලිස්පති මහජන සහන දිනය අද සිට යළි ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා..
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තීරණයක් අනුව අද සිට රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9ට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කෙරෙන බව සඳහන්..
පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට අපේක්ෂිත සහනයක් නොලැබුනේ නම් හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එම දිනයේදී පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ..
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන සහන දිනය තුළින් පොලිසිය වෙතින් සිදු විය යුතු සේවය ප්‍රමාදයකින් තොරව ජනතාවට නිසි පරිදි සාධාරණව ඉටුකර දීම අපේක්ෂාවයි..
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සෑම සිකුරාදා දිනයකදීම මහජන සහන දිනයට පැමිණීමට බලාපොරොත්තු වන බවත් එහිදී සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳ පිළිතුරු ලබා දීම සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා..