දින දෙකක් ඇතුළත හෙළිකරගත ගැනීමට හැකිවෙන , කහවත්තේ ඝාතනයේ සුලමුල..
Friday, 15 December 2023 - 9:13 | Views - 3,416
කහවත්ත - වෙලේවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක සිටි 71හැවිරිදි කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබෙනවා...

අදාළ කාන්තාව සිය දියණිය සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ...

දියණිය රැකියාව සඳහා පිටත්ව ගොස් ඊයේ පස්වරුවේ නිවසට පැමිණ මව පිළිබඳ සොයා බැලීමේදී නිවස පිටුපස තුවාල සහිතව වැටී සිටිනු දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා...

කොහොම වුණත්, මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ දියණියගෙන් ඇතුළු ඥාතීන් කීප දෙනකුගෙන් මෙන්ම අසල්වාසීන් කීප දෙනකුගෙන්ද පොලිසිය ඊයේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණා..

එමෙන්ම මෙලෙස මියගිය විනීතා මහත්මිය රන්තපුර දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියක මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවකද වෙනවා..

ඝාතනයට ලක්වූ විනීතා මහත්මිය සිය බාල දියණිය සමඟ කහවත්ත නිවසේ පදිංචිව සිට ඇති අතර, අවිවාහක තරුණියක වන බාල දියණිය කහවත්ත ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරනවා..

පෙරේදා සවස බාල දියණිය රැකියාව නිමකර සවස 3.50 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ මව මුළුතැන්ගේ තුළ රුධිරය ගලන තුවාල සහිතව මියගොස් සිටිනු දැක තිබුණා..

පසුව ඇය ඒ බව අසල්වාසීන්ට දැනුම්දීමෙන් පසු කහවත්ත පොලිසිය දැනුවත් කර තිබෙනවා..

ඒ අනුව කහවත්ත පොලිසිය විමර්ශන පැවැත්වුවා..

එහිදී හෙළිවී ඇත්තේ විනීතා මහත්මිය ඝාතනය කළ නිවසේ සාලයේ තිබූ රුධිරය පැල්ලම් ඝාතකයා විසින් සෝදාහැර ඇති බවයි... සාලයේදී ගෙල කපා ඇය ඝාතනය කළ ඝාතකයා ඇගේ සිරුර බිම දිගේ මුළුතැන්ගෙය දෙසට ඇදගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත... ඝාතනයට ලක්වන අවස්ථාවේ විනීතා මහත්මිය පැළඳ සිටි රන් මාලය කරාඹු යුගලය ඇතුළු භාණ්ඩ කිසිවක් ඝාතකයා රැගෙන ගොස් නැති බවද පොලිසිය පවසනවා..

ඝාතකයා මංකොල්ල කෑමට පැමිණි අයකු බවට මතුවන සැකය රන් භාණ්ඩ රැගෙන නොයෑම නිසා පහව යන බවද පොලිසිය පවසනවා..

මෙම ඝාතනය සිදුවූ දින විනීතා මහත්මියගේ බාල දියණිය රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇත්තේ උදෑසන 10.30 ට පමණ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත...

එම දියණිය රැකියාව සඳහා සෑම දිනකම උදෑසන පිටව යන අතර එදින ඇය ප්‍රමාදවී නිවසින් පිටව ගියේ මන්ද යන්න පිළිබඳව ද පොලිසිය සොයා බලාගෙන යයි...

මේ අතර විනීතා මහත්මිය සහ ඇගේ දියණිය නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා බව ද ප්‍රදේශවාසීන් කීප දෙනකුම පොලිසියට ප්‍රකාශ ලබාදී ඇත...

මෙම ඝාතනය කවුරු විසින් සිදුකළේද යන්න දින දෙකක් ඇතුළත හෙළිකරගත හැකිවනු ඇතැයි සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසනවා..

පසුගිය වසර ගණනක් තුළ කහවත්ත ප්‍රදේශයේ කාන්තා මිනිස් ඝාතන රාශියක් වාර්තාවී තිබූ අතර එම සිද්ධීන්වලින් මුළු රත්නපුරය ප්‍රදේශයම භීතයෙන් ඇළලී ගොස් තිබුණා..

මෙම අභිරහස් ඝාතනයෙන් පසු නැවතත් කහවත්තේ ජනතාව අතර දැඩි භීතියක් පැතිර ගොස් ඇති බව ද ප්‍රදේශවාසීහු පවසනවා..

කෙසේ වෙතත් මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර තිබුණා..

ගුවන් විදුලි නිවේදකයකු මෙන්ම මාධ්‍යවේදියකුගේ මවක් වෙන ඇය කහවත්ත වැල්ලඳුර වෙලේවත්ත පිහිටි නිවසේදී ගෙල කපා අභිරහස් අන්දමින් ඝාතනය කිරීම ඇගේ සමීපතම ඥාතියකු විසින් කළේද යන්න ගැන පොලිසිය සැක පහළ කරනවා..
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top