2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි..
Wednesday, 13 December 2023 - 18:39 | Views - 396

2024 සඳහා වූ අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 41 සම්මත වුණා.
ඒ අයවැයට පක්ෂව ඡන්ද 122ක් ද, විපක්ෂව ඡන්ද 81 ද ඡන්දය ඵල නොකළ 01 ද වශයෙනි.
2024 වර්ෂයට අදාළ අයවැය පසුගිය නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පුරා මාසයක කාලයක් අයවැය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති
අතර පසුගිය නොවැම්බර් 21වෙනිදා අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර, විපක්ෂය ලැබුණේ ඡන්ද 77ක් පමණයි.
ඡන්ද විමසීමට පසුදින අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණා.
එම විවාදයේ 19වන දිනය වූ අද(13) දින අයවැය තෙවැනි වරට කියවීමෙන් පසුව පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය සම්මත වුණා.
ඒ අනුව, මෙම අයවැය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
තවද විනය කඩ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු කටයුතු තහනම් කර සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාරට ද අයවැය තෙවනවර කියවීමේ අවස්ථාව සඳහා ඡන්දය ලබා දීමට අවසර හිමිවුණා.
Share This Article