2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි..
Wednesday, 13 December 2023 - 18:39 | Views - 397
2024 සඳහා වූ අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 41 සම්මත වුණා.

ඒ අයවැයට පක්ෂව ඡන්ද 122ක් ද, විපක්ෂව ඡන්ද 81  ද ඡන්දය ඵල නොකළ 01 ද වශයෙනි.

2024 වර්ෂයට අදාළ අයවැය පසුගිය නොවැම්බර් 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පුරා මාසයක කාලයක් අයවැය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති
අතර පසුගිය නොවැම්බර් 21වෙනිදා අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර, විපක්ෂය ලැබුණේ ඡන්ද 77ක් පමණයි.

ඡන්ද විමසීමට පසුදින අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණා.

එම විවාදයේ 19වන දිනය වූ අද(13) දින අයවැය තෙවැනි වරට කියවීමෙන් පසුව පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය සම්මත වුණා.

ඒ අනුව, මෙම අයවැය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. 

කෙසේ වෙතත්, හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. 

තවද විනය කඩ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු කටයුතු තහනම් කර සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාරට ද අයවැය තෙවනවර කියවීමේ අවස්ථාව සඳහා ඡන්දය ලබා දීමට අවසර හිමිවුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top