ගෑස් ගැන අලුත්ම ආරංචිය.. සතුටුදායක නම් නෑ..
Wednesday, 13 December 2023 - 13:59 | Views - 1,121
ඉදිරියේ සිදුවන 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් සදහන් කළේ , බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.
මේ අතර, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණ ද , උත්සව සමය පිළිබඳව සලකා ලිට්රෝ ගෑස් මිල ඉහළ නොදැමීමට එම සමාගම පසුගියදා තීරණය කළා.
Share This Article