ඔබේ පෙම්වතියත් මෙහෙමද ? කෙල්ලෝ ගැන නොදන්නා අයට..
Tuesday, 12 December 2023 - 11:55 | Views - 461
මගේ පෙම්වතිය නින්දට දැඩි ලෙස ප්‍රියකරයි. ලැබෙන සෑම අවස්තාවකම ඈ සුව නින්දකට වැඩි ප්‍රමුඛත්වයක් දෙයි.
බැලු බැල්මට ඈ කම්මැලි, සාර්ථක බිරිදක් නොවෙනු ඇතැයි හැගෙයි. ඒත් සත්‍ය ඊට හාත්පසින්ම වෙනස්‍.

නිවසේ කටයුතු වලට මවට සහය වෙමින් දුවකට එහාගිය වගකීමක් ඈ ඉටු කරයි. මවගේ ඕනෑ එපා කම්, සහෝදරයන්ගේ මෙන්ම පියාගේ අවශ්‍යතාද ඈ නොපිරිහෙලා ඉටු කරයි.
එහෙත් අවාසනාවකට ඈ යුවතියක්. ඈ කරන කාර්‍යට ඉතා අඩු සැලකිල්ලක් ලැබෙයි. හොදක් අහන්නෙ නැති තරම්ය. ඒ නිසාම ඈට ඇති එකම මානසික සුවය නින්දය.

ඈ නින්ද ඇලුම් කරන නිසාවෙන් නිරන්තරයෙන් මවගේ දෝෂාරෝපණයට ලක්වෙයි. "බැන්ද දවසකට මිනිහා ඔහොම නිදාගන්න දෙයි." මේ අම්මාගේ මුවින් නිතර පිටවන් වදන්‍.
එහෙත් ඈට නින්දේ අවශ්‍යතාවය මා හොදින් දනී. කෙතරම් වැදගත් වුවද ඈව අවදි නොකිරීමට මා වගබලා ගනී.

ඈට ඇති එකම නිදහස නින්දයි. ඈට ඇති ඒ නිදහස මගේ වගකීමයි. මන්ද නුදුරේදීම මාගේ බිරිය වන ඈහට, මෙලෙසින් නිදා ගැනීමට ඉඩ නොලැබීමට ඉඩ ඇති බැවිනි. මන්ද ඈ මවක් වූ විට කිසි දිනෙක සුව නින්දකට ඉඩ නොලැබෙනු ඇත.

කොහොම කිව්වත් ඈ දරුවන් ගැන වද වනවා මිස නින්ද ගැන තැකීමක් නොකරනු ඇත. ඉතින් මේ ටික කාලයේ වත් ඈ හට සුව නින්දක් හිමිවිය යුතුය.

කෙසේවුවත් මගේ මේ දැක්මට මූලික හේතුව මගේ මවයි. ඈ සැමවිටම "බිරිද සහකාරිය මිස මෙහෙකාරිය නෙමෙයි" යනුවෙන් කුඩා කාලයේ සිට හිතට කාවද්දා ඇත.

එසේම මගේ නැගනියට අම්මා ගෙදරදොරේ වැඩ සියල්ල ඉගැන්නුවද ඈ කිසි විට නැගනියගේ නින්දට බාදා නොකරයි. ඊට ඈ දෙන පිළිතුර වන්නෙ "බැඳලා ළමයි ලැබුනට පස්සෙ ඒ කෙල්ලට ආයෙ ඔහොම නිදාගන්න ලැබෙන්නෙ නෑ. ඉතින් ඔය ටික කාලයේවත් නිදාගත්තදෙන්" යනුවෙනි.

මොහොතක් හිතන්න සෑම යුවතියක්ම මවක් වූ පසු වගකීම් කන්දකට යටවී යයි එබැවින් හැකි කාලයේ ඈට ඇගේ නිදහස විදින්න ඉඩ දෙන්න....

සටහන
උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top