වැට් නැති බඩු ලැයිස්තුව එළියට ආවේ මෙහෙමයි..
Sunday, 10 December 2023 - 12:08 | Views - 563
ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට, ගිලන් රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය අද (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
භාණ්ඩ අනූ හතකට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩිවිය හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඩීසල් සහ පෙට්‍රල් වලට වැට් බදු අය කෙරෙන බවද සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින්.
Share This Article