අඩු වියදමින් රට යන්න , මෙන්න අලුත්ම ගුවන් සේවය
Saturday, 09 December 2023 - 13:07 | Views - 405
අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරැබියා ගුවන් සේවයේ 3 එල් - 197 දරණ යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම යානා සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 08.00ට පැමිණෙන අතර, යළි රාත්‍රී 08.30ට කටුනායකින් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතයි.
Share This Article