මිනිස් පුළුටක් නැති සර්ප දුපතක් ?
Saturday, 09 December 2023 - 9:29 | Views - 551
බොහෝ දෙනා සර්පයෙක් දුටු විගස පමණක් නොව, සර්පයන් යන වචනය ඇසූ විටද බිය වෙනවා. 

නමුත් සර්පයන් කියන්නෙත් අහිංසක සත්ත්වයන් කොට්ඨාසයක් බව මතක තබා ගත යුතුයි.

ඒත් ඔබට Snake island හි සිටින සර්පයන් ගැන නම් එහෙම සුළුවෙන් සිතන්නට නොහැකියි.

මේ දූපත සර්ප දූපත ලෙස හදුන්වා තිබේ. අත්ලාන්තික් සාගරයේ බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් හෙක්ටයාර 43ක පමණ කුඩා බිම් තීරුවක් මේ දූපත් සීමාවට අයත් වෙනවා.

මීට වසර ගණනාවකට පෙර අවසන් අයිස් යුගයේ අවසානයත් සමඟ මේ දිවයින මිනිස් ජනගහනය ඇති ගොඩබිමින් වෙන්විය.

පසුකාලීනව විෂ සහිත ගෝල්ඩන් ලාන්ස්හෙඩ් නම් සර්ප විශේෂයේ නවාතැන බවට පත්වූ බව සඳහන් වෙනවා.

ජනප්‍රවාදයන්ට අනුව මුහුදු මංකොල්ලකරුවන් තමන්ගේ රත්රන් ආරක්ෂා කරගන්නට විෂ සහිත සර්පයන් මේ දූපතට මුදාහැර ඇති බවට කියයි.

එහෙත් වසර දහස් ගණනක සිට මේ දිවයින මිනිසුන්ට තහංචි කලාපයක් බවට පත් වී තිබේ.

සර්ප දෂ්ට කිරීම් ආශ්‍රිත මරණවලින් 90% ප්‍රමාණයකටම වගකිවයුත්තේ රන්වන් හිසක් හිමි සර්ප විශේෂයයි.

මොවුන් මීටර් භාගයකට වඩා දිගට වැඩෙන අතර ඔවුන්ගේ විෂෙන් පැයක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයකුට මරණය ළඟා කරන්නට හැකියාවක් පවතිනවා.

සාමාන්‍යයෙන් ඔබ ගොඩබිමේදී දකින සර්ප විශේෂයට වඩා පස් ගුණයක ශක්තියක් මෙම සත්ත්වයා සතුයි.

මේ දූපතට ඉහළින් පක්ෂියකු පියාසර කළද ලාන්ස්හෙඩ්ගේ දරුණු විෂෙන් ගොදුරු ක්ෂණිකව මරා දමයි.

ක්ෂණිකවම වකුගඩු අකර්මණ්‍ය වී මොළයේ රක්තපාතය හා බඩවැල් ලේ ගැලීම් ඇතිවෙන අතර එවැනි අයකුට ප්‍රතිකාර කළද මියයෑමේ සම්භාවිතාවක් සහිතය.

දේශීය පුරාවෘත්තයන්ට අනුව අතීතයේදී මේ වෙරළ තීරයට පැමිණි මිනිසුන්ට භයානක සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවුණා.

දිනක් කෙසෙල් සොයා මේ දූපතට පැමිණි ධීවරයකුගේ මළ සිරුර ඔහු මියගොස් දින කිහිපයකට පසු හමුවිය. සර්ප දෂ්ට කිරීම් කිහිපයක සලකුණු සහිතව ඔහු ලේ විලක් මැද වැටී සිටි බව සඳහන් වෙයි.

1909 සිට 1920 දක්වා මේ දූපතේ ප්‍රදීපාගාරය පවත්වාගෙන යෑමද කිහිපදෙනෙක් දූපත තුළ ජීවත් වී තිබුණු නමුත් මෙහි අවසාන ප්‍රදීපාගාර පාලකයාද ඔහුගේ පවුල සමඟ සර්පයන්ගේ ප්‍රහාර හමුවේ මියගියා යැයි ඇතැමුන් පවසනවා.

විසිවතාවක් පමණ සර්ප දූපතට ගොස් නැවත ආරක්ෂිතව පැමිණි Marcelo Duarte ජීව විද්‍යාඥයා පවසන්නේ, ඔබ ගමන් කරන මීටරයක දුරක් තුළ ඔබට සර්පයන් 1 සිට 5 දක්වා ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම හමුවන බවයි.

මෙය සතුටට කාරණයක් නොවේ. මීටරයක් තුළ එවැනි විෂ අධික සර්පයන් තිදෙනෙක් ඔබට හමුවුවහොත් ඔබගේ මරණය එතරම් දුරක නැති බව ඔබ පිළිගත යුතුමය.

නයෝමි ශෂිකලා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top