ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබන මෙරට එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය - “හිරු මෙගාබ්ලාස්ට්” අද රාත්‍රී 8 සිට අම්පාර, එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමයි.
යූ ඩාන්සස් නර්තන කණ්ඩායම හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් වර්ණවත් කරනවා.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට සේනානායක වේරලියද්ද, භාතිය සන්තුෂ්, ජය ශ්‍රී, ආත්මා ලියනගේ, දිල්කි උරේෂා, බාචි සුසාන්, දිමංක වෙල්ලාලගේ, සංජීව් ලෝන්ලියස් සහ හනා ෂෆා ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතයි.