දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
Saturday, 09 December 2023 - 9:15 | Views - 345
අද(09) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක තද වැසි ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.
උතුරු, දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
Share This Article