හේලි නිර්වින්දනයෙන් පසු සිහි නොලබා අවසන් ගමන් යයි
Friday, 08 December 2023 - 13:16 | Views - 374
දෙහිවල ජාතික සත්වෝදන්‍යානයේ ජිරාෆ් ගැහැණු සතුන් දෙදෙනෙකු වාසය කරනවා.

ඉන් වයස අවුරුදු 35ක් පමණවන හේලි නැමැති ජිරාෆ් ගැහැණු සතාගේ ඉදිරි පාදයේ ආබාධ තත්ත්වයක් හටගෙන තිබුණේ මීට දින කිහිපයක පෙර යි.

ඒ සම්බන්ධයෙන් සත්ව පාලකයින් විසින් පශුවෛද්‍යවරුන් දැනුවත් කර තිබූ අතර, ඔවුන් එම ජිරාෆ් ගැහැණු සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනය කර තිබෙනවා.

ඉන් අනතුරුව හේලි ප්‍රකෘති තත්ත්වයට නොපැමිණී අතර ඊයේ(07) එම සත්වයා මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පරිසරවේදීන් චෝදනා කරන්නේ මෙවැනි සතුන් ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේදී වෘත්තිමය ක්‍රමවේදයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එසේම, හේලී නැමැති ජිරාෆ් ගැහැණු සත්වයාගේ මරණය සම්බන්ධයෙන් අප ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පැවසුවේ නිර්වින්දනය කිරීමේදී හෝ ප්‍රතිකාර ලබාදීමේදී යම් ගැටලුවක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව දෙපාර්තමේන්තු මට්ටමින් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top