ඩිමෙන්ෂියා රෝගයට - හිතාගන්න බැරි පිළියමක්..
බලු සුරතලෙකු ඇති කිරීමෙන් ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම 40% කින් අඩු වන බව ජපානයේ විද්‍යාඥයන් පිරිසක් සොයා ගෙන තිබෙනවා.
වයස අවුරුදු 65ට වැඩි බලු සුරතලෙකු ඇති කරන පුද්ගලයින්ට මෙසේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටෝකියෝ නුවර පදිංචිකරුවන් 12,000ක් යොදා ගනිමින් අදාළ පරීක්ෂණය සිදු කර ඇති බවයි.
බලු සුරතලුන්ගේ එළිමහන් ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයට අත්‍යවශ්‍ය ව්‍යායාම ලැබෙන බවත් බලු සුරතලුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් මෙම පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.
මතකය අඩු වීම, සිතීමේ හැකියාව පහළ වැටීම වැනි රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් වන ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ලොව පුරා මිලියන 55කට අධීක ජනතාවට ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කළේ.