ලොව පුරා මිලියන 65ක් ගොදුරු වූ, මොකද්ද මේ ‘ලෝන්ග් කොවිඩ්’ ?
Friday, 08 December 2023 - 9:25 | Views - 673

මෙයට වසර හතරකට පෙර ලොව පුරා පැතිර යෑම ඇරඹි කොරෝනා ආසාදනයට ගොදුරු වූ ලොව පුරා වාසය කරන මිලියන 65කට පමණ දිගුකාලීන කොවිඩ් හෙවත් ලෝන්ග් කොවිඩ් යන රෝග තත්ත්වය පැවතිය හැකි බව සතිපතා පළවන එංගලන්ත විද්‍යා සඟරාවක් වන “නිව් සයන්ටිස්ට්” සඟරාව සිය නවතම කලාපයෙන් අනාවරණය කර තිබේ.

කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවය ලැබූවන් අතර පවතින මෙම ලෝන්ග් කොවිඩ් රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් විශාදය හෙවත් ඩිප්‍රෙෂන් රෝගයේ සිට ආමාශගත රෝග දක්වා වූ රෝග ලක්ෂණ 200කට අධික සංඛ්‍යාවක් පෙන්නුම් කර ඇති බව බටහිර පර්යේෂකයෝ පවසති. ලෝන්ග් කොවිඩ් රෝග තත්ත්වයයෙන් පෙළෙන්නන් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් පසු සුවය ලබා ඇතත් රුධිර කැටි ඇති වීමේ සිට අසාමාන්‍ය හෘද ස්පන්දනයක් ඇති වීම හා හෘදයාබාධයන් දක්වා වූ හෘද රෝග තත්ත්වයන්ගෙන් පෙළිය හැකි බව වෛද්‍ය මතය වී තිබේ.

දැනට ලෝන්ග් කොවිඩ් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයන් වී ඇත්තේ දිගු කාලයක් පවතින හිසරදය, බ්‍රේන් ෆොග් සින්ඩ්‍රෝම රෝගය හෝමෝනවල ශ්‍රාවය පහත වැටීම හේතුවෙන් ඇති වන තෙහෙට්ටුව හෝ පශ්චාත් ව්‍යායාම ව්‍යාධිය හෙවත් සුළු ක්‍රියාවක් කළද මහන්සියක් දැනීම බව වාර්තා වී ඇතැයි නිව් සයන්ටිස්ට් සඟරාව පවසයි. මෙම ලෝන්ග් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණවලින් පෙළෙන පුද්ගලයන්ට තනි ප්‍රතිකාරයක් නැති අතර ව්‍යායාමය හොඳ ඔසුවක් බව බටහිර වෛද්‍යවරුන් පවසා ඇති බව එම සඟරාවේ පළව ඇති ලිපියක සඳහන් කර තිබේ.  

දිවයින 

Share This Article
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top