ඔබටත් දැන් කාණ්ඩ 4ක් යටතේ ජපානයේ රැකියා
Thursday, 07 December 2023 - 12:23 | Views - 2,062

ජපානයේ නිශ්චිත පුහුණු සේවක (SSW) වැඩසටහන යටතේ ඉදිකිරීම් නිපුණතා පරීක්ෂණයේ විභාග පැවැත්වීම 2023 දෙසැම්බර් 01 දින සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙනවා.ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ,මෙම SSW වැඩසටහන දියත් කිරීම මඟින් , ජපාන රැකියා වෙළඳපොලේ ශ්‍රී ලාංකිකයින් සඳහා නව රැකියා අවස්ථා විවෘත වීමේ වැදගත් පියවරක් සනිටුහන් වූ බවයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා නව මංපෙත් විවර කිරීම සඳහා ජපානයේ පාර්ශවකරුවන් සමඟ මෙසේ එක්ව කටයුතු කරන බවයි.මෙම එකතු කිරීමත් සමඟ කාණ්ඩ 12 කින් සමන්විත SSW වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයින්ට සුදුසුකම් ලැබීමට කාණ්ඩ 4 ක් විවෘත වන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමීප සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව තානාපති කාර්යාලයේ අඛණ්ඩ ප්රයත්නයන්, ඔටෝමොබයිල් අළුත්වැඩියා කිරීම සහ අනෙකුත් SSW කාණ්ඩවල රැකියා අවස්ථා ලබා ගැනීම අරමුණු කර ගෙන ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, එහි ලියාපදිංචිය පිළිබඳ තොරතුරු සඳහා, මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි බවද https://www.prometric-jp.com/en/ssw/ සඳහන් වුණා.
Share This Article