ඔබටත් දැන් කාණ්ඩ 4ක් යටතේ ජපානයේ රැකියා
Thursday, 07 December 2023 - 12:23 | Views - 2,063
ජපානයේ නිශ්චිත පුහුණු සේවක (SSW) වැඩසටහන යටතේ ඉදිකිරීම් නිපුණතා පරීක්ෂණයේ විභාග පැවැත්වීම 2023 දෙසැම්බර් 01 දින සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කර තිබෙනවා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ,මෙම SSW වැඩසටහන දියත් කිරීම මඟින් , ජපාන රැකියා වෙළඳපොලේ ශ්‍රී ලාංකිකයින් සඳහා නව රැකියා අවස්ථා විවෘත වීමේ වැදගත් පියවරක් සනිටුහන් වූ බවයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා නව මංපෙත් විවර කිරීම සඳහා ජපානයේ පාර්ශවකරුවන් සමඟ මෙසේ එක්ව කටයුතු කරන බවයි.

මෙම එකතු කිරීමත් සමඟ කාණ්ඩ 12 කින් සමන්විත SSW වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයින්ට සුදුසුකම් ලැබීමට කාණ්ඩ 4 ක් විවෘත වන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමීප සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව තානාපති කාර්යාලයේ අඛණ්ඩ ප්‍රයත්නයන්, ඔටෝමොබයිල් අළුත්වැඩියා කිරීම සහ අනෙකුත් SSW කාණ්ඩවල රැකියා අවස්ථා ලබා ගැනීම අරමුණු කර ගෙන ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, එහි ලියාපදිංචිය පිළිබඳ තොරතුරු සඳහා, මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි බවද  https://www.prometric-jp.com/en/ssw/  සඳහන් වුණා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top