හිරුගෙන් විදුලි ඒකක මිලියන 483 ?
Thursday, 07 December 2023 - 11:16 | Views - 315

අපේ රටේ මේ වෙනකොට විවිධ අර්බුද ගණනාවක් පවතිනවා...
ඒවා සමනය කරගන්න අපි තුළම සම්පත් තිබුණත්, ඒ ගැන හරි අවධානයෙන් කටයුතු කරන්න කවුරුත් වෙහෙසෙන්නේ නැහැ...
ඒ කතා කොහොම වුණත් දැන් දැන් ඒ ගැන අවධානය යොමු කරන්න ඇතැම් පාර්ශ්ව වෙහෙසෙනවා...
මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්.. මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ (06) ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පෙනී සිටියා.
ඒ මේ වසර තුළදී පමණක් අවස්ථා තුනකදී විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා යි.
මෙරට ආර්ථික අර්බුදය උග්‍ර වීමට අවස්ථා 03කදී විදුලි ගාස්තු ඉහළ නැංවීම හේතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසටයි මෙම කාරක සභාව උපයෝගිතා කොමිසමට පසුගියදා දැනුම් දී ඇත්තේ.
ඒ අනුවයි එම කොමිසමේ නිලධාරීන් ඊයේ උදෑසන 10 ට මෙම කාරක සභාව හමුවේ පෙනී සිටියේ.
මේ වසරේ අවසන් වරට විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝම්බර් මස 20 වනදා සිට නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කෙරුණා.
එලෙස විදුලි ගාස්තු ඉහළ යෑමත් සමග පාරිභෝගිකයින් සුර්ය පැනල භාවිතයට යොමුවීම ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වසර අවසන් වන විට සූර්ය පැනල ඔස්සේ විදුලි ඒකක මිලියන 483 ක් නිපදවා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.
එමෙන්ම සූර්ය පැනල මගින් ජනනය කරන එක් විදුලි ඒකකයක් රුපියල් 37 කට මිලදී ගැනීමටද පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
Share This Article