තහනමක් ? ඉරිදා ටියුෂන් වෙනස් වෙන්නයි යන්නේ...
Thursday, 07 December 2023 - 10:49 | Views - 412
මේ කියන්න යන්නේ ඉරිදා දිනයේ ටියුෂන් ගැනයි.

අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ, ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම බවයි.

මෙය ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායක‍යින්ගේ ද යෝජනාවක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහිදී අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර,

''ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා ලොකු බාධාවක් තියෙනවා මේ ටියුෂන් පන්ති. ඒක තහනම් කරලා දහම් පාසල් පවත්වාගෙන යන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අධ්‍යාපන ඇමතිතුමාගේ වැය ශීර්ෂයේදීත් මේ ඉල්ලීම කළා. අධ්‍යාපන අමාත්‍යංශයත් ඔබතුමත් ඒකාබද්ධ වෙලා මේ කාර්ය කරන්න. ස්වාමීන්වහන්සේලා විතරක් නෙමේ අනෙකුත් ආගමික නායකයින්ගෙත් ලොකු ඉල්ලීමක් තියෙනවා. දහම් පාසල කියන එක අත්‍යාවශ්‍යයයි. ඒ කටයුත්ත කරන්න වරුවක කාලයක් ලබා දෙන්න. ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top