කැරකි කැරකි කන්න ඕනේනම්, යන්න මෙතැනට.. (Photos)
Thursday, 07 December 2023 - 10:07 | Views - 331
මේ කියන්න යන්නේ ශ්‍රී ලාංකිකයින් වන ඔබට අපේ රටේ දී මින් පෙර අත්විඳින්න බැරි වුණ අත්දැකීමක් ගැන කතාවක්...

මේ වගේ දේවල් ගැන විදෙස් රටවල්වලදී ඔබ දැකලා තිබුණා නම් දැන් ඒ අත්දැකීම ලංකාවේදීත් ඔබට විඳගන්න පුළුවන්...

මේ අත්දැකීම ඔබට සමීප වෙන්නට තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම පොඩි කාලයයි...

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා විවෘත වීමට නියමිතයි..

දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන මෙම අවන්හල දෙස් විදෙස් බොහෝ දෙනෙකුට නවමු අත්දැකීමක් ලබා දෙන බවටයි බොහෝ දෙනෙක් අනුමාන කරන්නේ..

මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතිනවා..

එය 09 වැනිදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන්කර සිටියා..

මෙම අවන්හල දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වන අතර ඒ අනුව දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව පවතින බවයි තොරතුරු වාර්තා වෙන්නේ... 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top