විවාහය හා දික්කසාදය ගැන විශේෂ දැනුම් දීමක්..
Tuesday, 05 December 2023 - 9:40 | Views - 1,996
මෙරට විවාහ වූ යුවලක් විදෙස් රටකදී දික්කසාද වූ විට අදාළ දික්කසාදය මෙරට නීතිය යටතේද වලංගු ලෙස පිළිගන්නා බවට අභියාචනාධිකරණය ප්රකාශ කර තිබෙනවා.
අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ එංගලන්තයේ අධිකරණයකදී දික්කසාද වූ යුවලකගේ දික්කසාදය පිළිගන්නා ලෙස විවාහ රෙජිස්ට්රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසට පුද්ගලයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි.
ඒ හේතුවෙන්, විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබාගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්රික් අධිකරණයකදී දික්කසාදය ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බවට සඳහන්.
Share This Article