අවුරුදු 17න් පාසල් ගමන අවසන් වෙන්නේ මෙහෙමයි.. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්න..
Tuesday, 05 December 2023 - 8:39 | Views - 912
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (04) ප්‍රකාශ කළා.

ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සෑම දරුවෙකුටම අවුරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

එමෙන්ම පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 04 දීත්, ප්‍රථමික අංශය 01 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වාත්, වර්ගීකරණය කර තිබෙනවා.

කනිෂ්ඨ අංශය 06 ශ්‍රේණිය සිට 08 ශ්‍රේණිය දක්වාත්, ජ්‍යේෂ්ඨ අංශය 09 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වාත් වර්ගීකරණයට ලක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබා දීමටයි යෝජනා කර ඇත්තේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමටද යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහි දැක්වෙනවා.

එහිදී දැනට සාමාන්‍ය පෙළ සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 09 සිට 07 දක්වා අඩු කිරීමට ද තීරණය කර ඇති අතර, එම විෂයන් 07 ට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් තුන හැදෑරීම අනිවාර්ය වනු ඇති.

වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් 80,000 ක් පමණ අසමත් වන නමුත් නව ප්‍රතිසංස්කරණ තුළින් කිසිඳු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමටත් යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යයන හා වෘත්තීය අධ්‍යයන ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකටම උපාධියක් ලබා ගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අතර ඉතිහාසයේ පළමුවරට ආබාධ සහිත පාසල් දරුවන් 200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියා.

ඒ එදිනට යෙදී තිබුණු ආබාධ සහිත ප්‍රජාවගේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමින්.

එමෙන්ම අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් කියා සිටියේ ගුරු වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලා අද පෙරවරුවේ ගුරු සංගම් පාර්ලිමේන්තුව වටරවුම අසල විරෝධතාවයක් සංවිධාන කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ ඊයේ පැවති පාසල් සිසුන් සඳහා පාවහන් තිළිණ පත් බෙදාදීමේ නිල උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදුනහොත් දරුවන්ගේ ප්‍රමුඛතා මගහැරෙන බවයි.

මේ අතර දිවයින පුරා රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000 ක් පවතින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කළා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top