පාසල් දරුවන්ට අධ්‍යාපන විභාග ගැන විශේෂ දැනුම් දීමක්..
Tuesday, 05 December 2023 - 8:19 | Views - 460
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය හා උසස් පෙළ විභාග ඉදිරි වසර තුළ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ප්‍රමාද වූ 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවයි.
කෙසේ වෙතත්, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
"ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම අවසන් කිරීම සඳහා සෑම විභාගයක් අතරම මාස තුනක කාලයක් අවශ්‍ය වේ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේයි.
2025 වන විට නියමිත වසර තුළ විභාග පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි , විශ්වාස කරන බවද මෙහිදී සඳහන් වුණා.
Share This Article