හන්තානේ අතරමං වූ වෛද්‍ය පීඨ සිසුන් බේරා ගැනෙයි..
up date..
හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිට මුදාගැනුණු රාගම වෛද්‍ය පීඨයේ පිරිස අතර සිටි සිසුවියන් තුන්දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
අධික ශීතල නිසා රෝගාතුරවීම හේතුවෙන් ඔවුන් එලෙස මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු මෙලෙස හන්තාන කන්ද නැගීමට ගොස් තිබුණේ ඊයේ (02) පස්වරුවේයි.
ඒ අතර සිසුන් 60 දෙනෙකු සහ සිසුවියන් 120 දෙනෙකු සිට තිබුණා.
එම අවස්ථාවේ ඇතිවූ දැඩි මීදුම් තත්වය නිසා ඔවුන්ට යළි පැමිණීමට මාර්ගය අපහැදිළිවීම හේතුවෙනුයි මෙලෙස අතරමංව තිබුණේ.
-----------------------------------------------------------------------
හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගැනීමට සමත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ ( 02) රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180දෙනෙකු හන්තාන කඳු මුදුනෙහි සිරවී සිටි අතර පොලීසිය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වයක් පවතින නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් පවතින බවයි.
කෙසේ වෙතත්, එම සිසුන් පිරිස පැය 6 ක මෙහෙයුමකින් පසුව බේරා ගැනීමට පොලිසිය සමත් වුණා.