හන්තානේ අතරමං වූ වෛද්‍ය පීඨ සිසුන් බේරා ගැනෙයි..
Sunday, 03 December 2023 - 9:42 | Views - 694
up date..

හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිට මුදාගැනුණු රාගම වෛද්‍ය පීඨයේ පිරිස අතර සිටි සිසුවියන් තුන්දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

අධික ශීතල නිසා රෝගාතුරවීම හේතුවෙන් ඔවුන් එලෙස මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු මෙලෙස හන්තාන කන්ද නැගීමට ගොස් තිබුණේ ඊයේ (02) පස්වරුවේයි.

ඒ අතර සිසුන් 60 දෙනෙකු සහ සිසුවියන් 120 දෙනෙකු සිට තිබුණා.

එම අවස්ථාවේ ඇතිවූ දැඩි මීදුම් තත්වය නිසා ඔවුන්ට යළි පැමිණීමට මාර්ගය අපහැදිළිවීම හේතුවෙනුයි මෙලෙස අතරමංව තිබුණේ.
 
-----------------------------------------------------------------------

හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගැනීමට සමත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ ( 02) රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180දෙනෙකු හන්තාන කඳු මුදුනෙහි සිරවී සිටි අතර පොලීසිය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වයක් පවතින නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත්, එම සිසුන් පිරිස පැය 6 ක මෙහෙයුමකින් පසුව බේරා ගැනීමට පොලිසිය සමත් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top