උඩින් ඇවිත් ගහලා.. ගම්පොල උණුසුම් වෙලා.. රාජකාරියට ගිය අයත් එක්කම දහයක් රෝහලට..
Sunday, 03 December 2023 - 9:23 | Views - 659
සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේදෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී ගම් වාසීන් හය දෙනකුට ද මෙම ‍බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙම පොලිස් කණ්ඩායම ගම්පොල සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව ඇති බවයි වාර්තා වන්නේ.

බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති මෙම පිරිස විවිධ පැති වලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුලට ඇතුලු වෙමින් බේරී ඇති මුත් ඒ වනවිටත් පිරිස සෑහෙන බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top