'' ජොනතන් '' ට දැන් 191 යි...
Sunday, 03 December 2023 - 7:14 | Views - 504
ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා වන ජොනතන් නම් කැස්බෑවා 191 වැනි උපන්දිනය සමරා තිබෙනවා.
ඒ ශාන්ත හෙලේනා දූපතේදීයි.
මෙලස ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියන බවට සඳහන්.
ගිනස් ලෝක වාර්තාවන් පවසන්නේ ඔහුව 1882 දී සීෂෙල්ස් සිට දිවයිනට ප්‍රවාහනය කරන විටද අවම වශයෙන් වයස අවුරුදු 50 ක් පමණ වූ බවයි.
වෛද්‍යවරුන් පවසන්නේ ජෝනතන්ගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී, ඇසේ සුද හේතුවෙන් අන්ධ වුවද ඔහුගේ ආහාර රුචිය නැති වී ගොස් නොමැති බවයි.
Share This Article