ගෑස් මිල ගැන හදිසි තීරණයක්..
Saturday, 02 December 2023 - 12:11 | Views - 1,120
උත්සව සමය සැළකිල්ලට ගෙන ලිට්රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකර පැරණි මිලෙහිම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 3,565 ක් වන අතර, කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,431 කට අලෙවි වනු ඇති.එමෙන්ම කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 668 කටයි.අවසන් වරට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කෙරුණේ පසුගිය මස 4 වනදායි.එම නිවේදනය පහතින්,

Share This Article