තුන් කට්ටුවේ තහනම - හදිසි ඡන්දයෙන් සම්මතයි !
Saturday, 02 December 2023 - 11:14 | Views - 369
අද (02) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.
ඒ, වරප්රසාද කමිටු නිර්දේශ මත, රාජ්ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා යි.
මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
ඒ අනුව, යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වූ අතර, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද ඇති වූණා.
Share This Article