ප්‍රවේශම්වන්න , දැනුවත්ව ඉන්න ! සුළි කුණාටු අවදානම ගැන නිවේදනය මෙන්න..
Saturday, 02 December 2023 - 10:13 | Views - 1,653
කාලගුණය ගැන ඔබ නිරන්තරයෙන් විමසිලිමත් වෙන්න ඕන...
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..
ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා..
ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි...
ඒ හේතුවෙන් අද පස්වරුවේ සිට වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා...
කෙසේ වෙතත්, අප කළ විමසීමක දී ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ, මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මෙරටට බරපතළ අවදානමක් නොමැති බවයි...
Share This Article