උසස් පෙළ සමතුන්ට සරසවි වරම් ලැබී ඇද්දැයි බලන්නේ මෙහෙමයි..
Friday, 01 December 2023 - 15:25 | Views - 730
අ.පො.ස උසස් පෙළ - 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

UGC (space) විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

යම් ගැටළුවක් පවතින්නේ නම් වැඩිදුර විස්තර සඳහා - 0112 695 301 / 0112 695 302 / 0112 692 357 / 0112 675 857 යන අංකයන් ඇමතීමට ඔබට හැකියාව පවතින අතර,

මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පාඨමාලාවන්ගේ කඩයිම් ලකුණු ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

එසේම, තමා අයදුම් නොකළ පාඨමාලාවකට ලකුණු ලැබී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට අද දින සිට දින 30ක් ඇතුළත අභියාචනාවක් ප්‍රවේශ අත්පොතේ ඇති ආදර්ශ අයදුම්පත අධ්‍යයනය කර යොමුකළ හැකියි.

 මෙම විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇති අතර , එය පහත සබැඳියට පිවිසීමෙන් ලබා ගන්න.

කඩඉම් ලකුණු ඇතුලත් ලේඛනය මෙතැනින් බාගත කර ගන්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top