උසස් පෙළ සමතුන්ට සරසවි වරම් ලැබී ඇද්දැයි බලන්නේ මෙහෙමයි..
Friday, 01 December 2023 - 15:25 | Views - 731
අ.පො.ස උසස් පෙළ - 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා. UGC (space) විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති. යම් ගැටළුවක් පවතින්නේ නම් වැඩිදුර විස්තර සඳහා - 0112 695 301 / 0112 695 302 / 0112 692 357 / 0112 675 857 යන අංකයන් ඇමතීමට ඔබට හැකියාව පවතින අතර, මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පාඨමාලාවන්ගේ කඩයිම් ලකුණු ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. එසේම, තමා අයදුම් නොකළ පාඨමාලාවකට ලකුණු ලැබී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට අද දින සිට දින 30ක් ඇතුළත අභියාචනාවක් ප්‍රවේශ අත්පොතේ ඇති ආදර්ශ අයදුම්පත අධ්‍යයනය කර යොමුකළ හැකියි.
Share This Article