අක්‍රීය විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම ඇරඹෙයි..
Friday, 01 December 2023 - 14:18 | Views - 714
වසර දෙකක සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද (01) දිනයේ සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.
ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවනු ඇති.
එසේම, මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම් දීමේ පණිවුඩ කිහිපයක් යොමු කර තිබෙන අතර, අවශ්‍ය නම් ඒවා යළි සක්‍රිය කර ගැනීමට සමාගම විසින් කාලයක් ද ලබා දීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත්, වංචාකරුවන්ගෙන් පරිශිලකයින් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බව යි ගූගල් සමාගම අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ.
Share This Article