බස් ගාස්තු අඩු වෙයි ද ? බස් සංගමේ තීරණය..
Friday, 01 December 2023 - 11:17 | Views - 594
ඔටෝ ඩීසල් මිල රුපියල් 27 කින් පහළ දැමුවද බස් ගාස්තුව අඩු නොකරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී , ඔහු මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, නොවැම්බර් 30 එනම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර, ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 329 කි.
මීට සමගාවීව ඉන්දීය තෙල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

Share This Article