සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවෙයි..
2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම දේශීය සහ විදේශීය භාවිතය සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර අද (01) දින සිට Online ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වන්නේ.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බවයි.